පරණ ලුණු කුණු ට්‍රැක්ටර මල්ලෙන් කඩේට දාලා


මහනුවර මහනගර සභාවේ කුණු ට්‍රැක්ටරයකට බැහැර කළ ලුණු ඇසුරුම් තොගයකට කල් ඉකුත් වු ලුණු අසුරා කටුගස්තොට සිල්ලර කඩයක අලවිය සදහා තිබියදී පැකට් 200 ක්  අද (26) අත් අඩංගුවට ගත් බව මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.

ලුණු වල ප්‍රමිතියද ඉතා පහත මට්ටමකින් ඇති බවත් පාරිභෝගිකයෙකුගේ කරන ලද පැමිණිල්ලකින් පසු මෙම වැටලීම සිදුවිය.