පරණ යාළුවන්ගෙන් උදයට පුංචි විහිලුවක්


2013 සිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි සෙන්ට්‍රිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සඳහා කවුරුත් ආදරය කරා. ඒ රන්වන් මල්දම්, පැහැසර ඔබේ ආදරේ, ඩාර්ක් ඒන්ජල්, සුළන් රොදක් සේ, යන්න එපා ඉන්න නගේ වැනි ජනප්‍රිය ගීත රැසක් හරහා රසික් සිත් ආකර්ශනය කළ තාරුණ්‍යයේ සංගීත කණ්ඩායමක් වීම නිසාවෙනි. හදීසියේම කණ්ඩායමෙන් උදය ශ්‍රී සෙන්ට්‍රිග්‍රේඩ්ස් කණ්ඩායමට සමුදුන්නා.  

පසුගියදා උදය ශ්‍රී ඔහුගේ අලුත්ම ගීත වීඩියෝව මුදා හැරීමත් සමගම සෙන්ට්‍රිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ තුසිත් සහ ඉෂාන් ෆේස්බුක් අඩවිය ඔස්සේ ඊට පුංචි විහිළුවක් කරා කියලා තමයි අපට හැඟෙන්නේ. මේ විහිලුව වීඩියෝවට බව දන්න අය නම් දන්නවා.

එහිදි තුසිත් තැබූ ෆේස්බුක් සටහනේ දැක්වුණේ “වුඩි වුඩ්පැකර් බම්බල් බී කාර් එකක යනවා දැක්කෙ මං විතරද“ යනුවෙනි. සෙන්ටිග්‍රේඩ්ස් ගායක ඉෂාන්ද ඊට ප්‍රතිචාර වශයෙන් Comments දක්වා තිබුණා. ඔවුන් මෙසේ ෆේස්බුක් සටහන් තැබීමට හේතුව උදයගේ මියුසික් වීඩියෝවද කියලා තමයි කොයි කාටත් හිතෙන්නේ. කොහොම හරි අපිට කියන්න තියෙන්නේ පරණ යාළුවන්ගෙන් හොඳ විහිලුවක් මගින් උදයගේ සිංදුවට තවත් ජනප්‍රියත්වයක් ලැබුණා කියලයි.

සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ෆේස්බුක් සටහන්

20170214thusith-1

උදය ශ්‍රී ගේ වීඩියෝව පහතින්