පරණ බඩු ගන්න ගිහින් ගෙයක් බිඳියි


කොළඹ දිසාපති කාර්යාල නිලධරයකුගේ මාදිවෙල නිවසේ අල්මාරි හතරක් කඩා පවුම් 17ක රන් සොරා ගත් බව කියන පරණ බඩු එකතු කරන්නකු රන් බඩු විකිණීමට යද්දී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

මොහු ප්‍රදේශයේ තවත් ගෙවල් තුනක් බිඳ බඩු සොරාගත් තොරතුරු ද හෙළිවී ඇතැයි ද, පරණ යකඩ බඩු සොයා එන්නන්ගෙන් පරිස්සම් වන්නැයි ද පොලීසිය මහජනයාට අවවාධ කරයි.