පරණ පක්ෂෙ සාක්කියකට මර්වින් උසාවියේ


ඇමැති මර්වින් සිල්වා 1999 එක්සත් ජාතික පක්ෂයේ සිටියදී එප්පාවල එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරුවකු වශයෙන් අද අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දීමට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර දීම සඳහා මේ රැළිය පැවැත්විණි.

බෝම්බ ගැසීයැයි එප්පාවල ඩබ්ලිව් වසන්තට චෝදනා ගොනු කර ඇත.

එම බෝම්භ ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂක කේ පී හර්ෂ කුමාර ඇතුළු තිදෙනෙක් මරුමුවට පත්වූහ.