නගරයේ කසල අදින කම්කරුවාට ගෞරවයක් ලැබෙන ආකාරයට ‘අපද්‍රව්‍ය මෙහෙයුම් සහායක‘ ලෙස ඔවුන් හඳුන්වන ලෙස සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.
ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දිරි දීමනා ලබාදීමටත් සේවය ඇගයීම සඳහා වාර්ෂිකව සම්මාන ප්‍රදානය කිරීමටත් වැඩසටහන් ආරම්භ කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටී.
ඔවුන්ගේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමැතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.