දිවයින මුළුල්ලේ පිහිටි ගල් පර්වත පරික්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක් 2015 දී ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
සංවර්ධන ව්‍යාපෘති ස`දහා ගල් පර්වත කැඞීමට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් දෛනිකව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වේ.
මෙහිදී පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් නීතිය යටතේ සංවර්ධකයා විසින් සංවර්ධන සමීක්‍ෂණයක් සිදු කරවා ගත යුතුය.
එම තත්වයට මුහුන දීම ස`දහා ලංකාවේ සියලූම ගල් පර්වත කඩිනම් ගවේෂණ ව්‍යාපෘතියක් යටතේ පරික්‍ෂා කොට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් පර්වත හ`දුනා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙහිදී හ`දුනාගනු ලබන පුරාවිද්‍යා වැදගත් කමක් නැති ගල් පර්වත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව අදාල කාර්යයන් ස`දහා සංවර්ධනයන්ට නිදහස් කිරීමට හැකිවන පරිදි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල , පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු අනිකුත් අදාල ආයතන දැනුවත් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
2015 වසරේ ආරම්භයේ සිට ක‍්‍රියාවට නැගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ස`දහා දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්‍ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය මුවාවෙන් වංචනික පිරිස් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ගල් පර්වත අයුතු භාවිතයට යොදාගැනීමට ඉඩකඩ ඇති බැවින්, එසේ පැමිණෙන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබ`දව යම් වැඩිදුර පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් 011 2696514 දුරකතන අංකය අමතන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

