පරණ කොටියා ජානක පෙරේරා ඝාතනයේ වරඳ පිළිගනී


2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධි චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරු කොටි සංවිධානයේ හිටපු කර්නල් චෙන්කලඅඩියේ සමිමුගනාදන් සුදාහරන් වයඹ පළාත් බද මහාධිකරණ විනිසුරු හා උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ අද වරද පිළිගත්තේය.

ඔහුට දඬුවම් නියම කිරීම සැප්තැම්බර 05 වැනි දාට කල් තැබූ විනිසුරු එතෙක් ඔහු රිමාන්ඩ් කළේය.

අනුරාධපුර හිටපු මහේස්ත්‍රාත් හා වත්මන් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය හමුමේ සැකකරු පාපොච්චාරණයක් කර තිබූ අතර එය ඔහුගේ කැමැත්තෙන් කළේදැයි   විමසීමට මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයට කැඳවා තිබුණි.

මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම ප්‍රකාශය කළේ තමාගේ කැමැත්තෙන් බවත්, සියලු චෝදනාවන්ට තමා වරද පිළි ගන්නා බවත් විත්තිකරු අධිකරණයට දැන්වූයෙන් සාක්කිකාරියක ලෙස නම් කළ මහේස්ත්‍රාත් විමලසිරි මෙනවිය   නඩුවෙන් මුදා හරිනු ලැබුවාය.