පරණ කොටි පුල්ලි මතුවේ


කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරගෙන යයි.

කිලිනොච්චිය පරන්තන් හංදියේදී අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයකු කිලිනොච්චිය තිරුනගර්හිදී, අනෙකා යාපනය කෝපාහිද පදිංචි කරුවන් බව සොයාගෙන ඇත.

මොවුන් දුරකතනයකින් කතා කොට ‘අපි එල් ටී ටී ඊ. අපි දැන් ඇවිල්ලයි ඉන්නේ. අපේ අනෙක් නායකයොත් දැන් මහේ ඉන්නවා.මම යාපනයේ එල් ටී ටී ඊ ප්‍රධානියා අපේ නායකයා විතරයි තවත් එන්න ඉන්නේ, අපට ආයෙත් නැගිටින්න අයුධ නැහැ. ඒ නිසා ඒකට ඔබගේ උදව් ඕනෑ‘ යැයි පවසා මුදල් ඉල්ලා ඇති බව පොලීසිය කියයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්සිරි මහතා පරීක්ෂණ පවත්වයි.