පඹහින්න පඹගාලක් වේ


සබරගමු සිසුන් අද උදේ අටහමාරේ සිට එකහමාර දක්වා පඹහින්න හන්දියේ මහපාරේ වාඩිවී කළ උද්ඝෝෂණය අවසන්වූයේ කඳුළු ගෑස් සහ ගල්මුල් ප්‍රහාර මැද්දේය. පාර අවහිර නොකරන ලෙස පොලීසිය කළ ඉල්ලීම නොතකා පාරේ වාඩිවී සිටි සිසුන් ඉවත්කිරීමට පොලීසිය කඳුළු ගෑස් ගැසීය. උපවාසයට සහභාගී වූ සිසුන් හතර දෙනාම දැන් රෝහලේය.