සබරගමු සරසවි සිසුන් දෙසතියකට ආසන්න කාලයක් පඹහින්නේ පවත්වාගෙන යන විරෝධය අතහැර සරසවිය විවෘත කිරීමට සහාය වන්නැයි ප්‍රදේශයේ සුළු වෙළෙන්දෝ හා ගැමියෝ පිරිසක් අද(15) විරෝධතාවක් පැවැත් වුහ.
ඔවුන්ගේ දුක් ගැනවිල්ල වී ඇත්තේ 4500ක් වන සිසුනට කෑම බීම හා බඩු මුට්ටු විකුණා ජීවත් වු තමන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි.
මේ විරෝධතාවලට සම්බන්ධ ළමයින් 250 ක් පමණ හවුල් යැයි ද සෙසු අය අහිංසක යැයිද ඔවුහු කියති.
මේ අතර ‘සිංහරාජ’ නේවාසිකාගාරයේ බලෙන් රැදී සිටින සිසුන් පඹහින්නේ පොදු නලජල පද්ධතියට හානිකර ජලය ලබාගෙන ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශිය සභාපති ඉන්දු ගුණතිලක මහතා කියයි.සිසුහු ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරති.




