බෙලිහුල්ඔය පඹහින්නේ සිසු අට්ටාලය යළි සකසා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සබරගමු සරසවි සිසුහු යළි සත්‍යග්‍රහය ඇරැඹූහ. මැරයෝ ගිය සෙනසුරාදා මේ අට්ටාලය ගිනි තබා වැනසූහ.
සිසුනට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයන් පිරිසක් ද එම අට්ටාලයට නැඟ දෙපයක් සත්‍යග්‍රහ කළහ.
සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සිසුනට පහර දුන් පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට මඟ හරස් කළ සිසුන් පිරිසක් සඳුදා (13) ද අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇතැයි කී ස්ටාලින් මහතා සිසුන්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවම අපොහොසත් වී ඇතැයි ද කීවේය.





