පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ


පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී.

ක්‍රිඩා උපදේශක සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.‘උඹ මරා හැංගුවත් කවුරුවත් දන්නේ නෑ.පොලීසියට මේක ඇතුළට එන්න බෑ.‘ යනුවෙන් පහරදීමට පෙර කෝප්‍රල් තමාට තර්ජනය කළ බව සෙබළා කියා ඇත.

ඔහුගේ යටි බඩට පහර වැදී ඇතැයිද පොලීසිය කියයි.