පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටියකුගේ දරු පස් දෙනාට ලබන 25 වැනි දා පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
රුපියල් පන්සියක් අතට දී පසුගිය 26 වැනි දා කෑගල්ලෙන් ඔහුගේ පුතකු ඔහු බසයට නංවා ඇතැයි පොලිසිය කියයි.
ඔහු නැඟ ඇත්තේ පානදුර බසයට බවත් පානදුරයේ දී අසනිප වු නිසා බස් මගියකු ඔහු රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි.
තම පියා රෝහල් ගත කර සිටින දන්වා දරුවන් පස් දෙනාට දෙවතාවක් දැනුම් දුන්නද ඔවුන් නොපැමිණි බවත් එක් පුතකු පොලිසියේ සේවය කරන බවත් පානදුර පොලිසිය අධිකරණයට දැන්වීය.
පොලිසියේ පැමිණිල්ල පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඩබ්ලිව් . එම් . රත්නාවති, ඉන්ද්‍රාණි මුණසිංහ, ශ්‍රියානි මුණසිංහ,ගාමිණි මුණසිංහ, දයාසිරි මුණසිංහ උසාවි කැඳවන ලෙස නියෝග කළාය.
එක් අයකු රුපියල් 500 ක් අතට දී බසයට නංවා ඖනෑ නැතන යන්නැයි කියු බව එම පියා පොලිසියට කියා ඇත.

![DSC05883[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC058831.png)

