පන්සිය දහයක් එති


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවට සහභාගී වීම සදහා මෙරටට   පැමිණෙන දූත පිරිස් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ලගා වෙමින් සිටිති.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මේ වන විට ස්වාසිලන්තය,   කෙන්යාව,  ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, නැමීබියාව, ලෙසකෝ සහ ඉන්දියාව යන රටවල් වලින් මෙරටට පැමිණ සිටින දුත පිරිස  පන්සිය දහයක් පමණ වන බව වාර්ථා වෙයි.

පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.