රාත්‍රී නවාතැන් ඉල්ලා හලාවත කොක්කාවිල මහා බෝධි විහාරයට පැමිණි තරුණයකු අද උදෑසන පන්සලේ තිබූ රුපියල් 4060.00 ක මුදලක් සොරගෙන පලා යද්දී ගැමියන් එක්ව අල්ලා ගස් බැඳ තමන්ට බාරදුන් බව හලාවත පොලිසිය පවසයි.
මේ තරුණයා ගාල්ලේ සිට පැමිණි බවත් ණයක් ගෙවීමට මුදල් සොරකම් කළ බවත් පොලිසියට කියා ඇත. ඔහු නවාතැන් ගත් සදුදා රාත්‍රී දායකයකුගේ නිවසින් ආහාර පවා ලබා දීමට කටයුතු කළ බව ද හිමියෝ කියති.



