(ගයාන් සූරිය ආරච්චි)
බෙලිඅත්ත, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී තවත් ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (28) සොයා ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
එම සොයාගත් අත් බෝම්බ දෙක විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බව පොලිසිය කියයි. මේවන විට අත් බෝම්බ පහක් එම ස්ථානයෙන් හමුවී ඇති බව බෙලිඅත්ත පොලීසිය සඳහන් කළෙය.
පසුගියදා ටැක්ටරයක් මගින් එම විහාරස්ථානයේ ළිඳක් අසල සුද්ද පවිත්‍ර කරමින් සිටියදී අත් බෝම්බයක් පුපුරා ගොස් තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී තවත් ජීව අත්බෝම්බ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබු අතර තව දුරත් කළ පරික්ෂා කිරීම්වලදී තවත් අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.