පන්සල ලඟ ඌරු කොටුවක් එපා


ගාල්ල බටුවන්තුඩාවේ ශ්‍රී සුගතාරාම විහාරාධිකාරී හිමියන් අසළ ඇති ඌරුකොටුවකින් සිදුවන පීඩාව දරාගත නොහැකිව විහාරස්ථානය හැරගොස් ඇති බැවින් ඌරුකොටුව තහනම් කරන ලෙසත් ඉල්ලා ගම්වාසීහු අද එම ඌරුකොටුව පවත්වාගෙන යන ලොයල ගොවිපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. විහාරස්ථානයට යාබද ඉඩමේ ඒ ආසන්නයේම පිහිටුවා ඇති ඌරුකොටුවේ ඌරෝ 125 සිටිති. ගම්වාසීන් සහ දහම්පාසල් දරුවන් පවසන්නේ ඌරුකොටුවේ දුර්ඝන්ධය ඉවසාගත නොහැකි බවයි. ඒ හේතුවෙන් ඇතැම් දරුවන් රෝගීවන බව ද දෙමාපියෝ කියති. සෑම සෙනසුරාදාම සවස් කාලයේ සහ ඇතැම් දිනවල සවස් කාලයේ බෝධිපූජා පවත්වන වේලාවට ඌරන් මරනබවත් එවිට සතුන්ගේ මර ලතෝනිය ඇසෙන බවත් විහාරයේ භික්ෂූහු කියති.

ගොවිපොළ භාරව සිටින පූජක බෙනට් පියතුමා පවසන්නේ ඌරුකොටුවේ අපද්‍රව්‍ය සියල්ල ජීවවායු ඒකකයට යවන බවයි. එම ස්ථානයේ ඌරන් නොමරන බව ද හෙතෙම කියයි. ඌරු කොටුවත් විහාරස්ථානයත් අතර පුද්ගලික ඉඩම් හිමියකු සිටිතැයි ද ඔහුගෙන් කිසිදු පැමිණිල්ලක් නැතැයි ද පියතුමා කියයි. එහෙත් එවැන්නෙක් නැත.

ඌරුකොටුවට බලපත්‍රයක් දී නැතැයි කියන ප්‍රාදේශීය සභාවේ සභාපති චානක මාදුගොඩ මහතා මේ හේතුවෙන් පන්සලට පීඩා සිදුවන බව කියයි.