
(හේමලතා ඩී හේවගේ)
සෞඛ්‍ය බලධාරීන් විසින් හුදකලා කරනු ලැබූ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ඉහළ ගලයාය, පහළ ගලයාය, මූකලාන, කොහොඹපොළ, බඩබැද්ද සහ පන්නල යන ග්‍රාමසේවා වසම් සහ නාලවලාන, මැදිරිවිල, පන්වලකුඹුර, මල්ගොමුව, මාහරගම යන කුඩා ප්‍රදේශ නැවත අද (04) සවස විවෘත කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ඊයේ (03) සවස එම ගම්මාන හුදෙකලා කෙරිණි.
ඊයේ සහ පෙරේදා දෙදින තුල හුදකලා කළ ග්‍රාමසේවා වසම් වලින් අහඹුලෙස තෝරාගෙන සිදුකරනු ලැබූ 235 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වලින් ආසාධිතයන් තහවුරු නොවීම නිසා නැවත එම ග්‍රාමසේවා වසම් ඇතුඵ කුඩා ප්‍රදේශ විවෘත කල බවද සාමා හේරත් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

