තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවන පන්තියේ ගමන් කළ මගීන් 110 දෙනකු කොළඹ කොටුව - පොල්ගහවෙල ශීඝ‍්‍රගාමී දුම්රියෙන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගෙන් 43 දෙනකු දඩ වශයෙල් රුපියල් 112100ක මුදලක් ගෙවූ බවත් දුම්රිය ආරක්ෂක හමුදාව කියයි. ඉතිරි මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත ඇප මත මුදාහරිනු ලැබූහ.
දඩ වශයෙන් රුපියල් 2500ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවිය යුතු වේ.

