පන් ලක්ෂයක් නියඟයෙන් බැට කති


දිස්ත‍්‍රික් 17ක පවුල් 1,38,585 ක 5,19,527 දෙනකු නියඟයෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පොළොන්නරුව, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, රත්නපුර, කෑගල්ල, මොණරාගල, මාතලේ, මහනුවර, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙසේ දැඩි පීඩාවකට ලක්ව සිටින අතර මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට බව කියති.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, ලංකාපුර, හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 25,480 කට අයත් 1,18,309 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, මතුගම, බේරුවල, කළුතර, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල්  18,970කට අයත් 79,632 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, රත්නපුර, කෑගල්ල, මොණරාගල, මාතලේ, මහනුවර, ගම්පහ යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාවද වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.