පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි


වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තුනක් රිමාන්ඩ් බාරයේ ද සිට අද නිදහස ලැබීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නඩු වාර්තාව මුල සිට පිරික්සා ඔහුගෙන් කරුණු විමසා ඔහුට අවවාද කර මුදා හළේය.

මෙම චෝදනාවට ඔහු වරදකරු බව ද කළින් කියා තිබිණි.

අකුරැස්සේ ඉන්දික මධුරංග (38) එම පුද්ගලයාය.