පනස් නවයක් ඉහළ උසාවියට


පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් නවයක ඇතැම් වගන්තීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත් විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා පුරවැසි පිරිසක් ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් නවයක් ගොනු කළහ.
දේශීය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ලිපි ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත බදු අභියාචන කොමිෂම (සංශෝධන) පනත් කෙටුම්පත ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) කෙටුම්පත ඇටර්නි බලය (සංශෝධන) පනත් කෙටුම්පත නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත උපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත පොදු ආදායම් පනත් කෙටුම්පත හා මුල්‍ය පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මේ පෙත්සම් ගෙනු කර ඇත.
මෙම පනත් කෙටුම්පත් නවය පසුගිය පෙබරවාරි 22 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර ඇත.