( දිල්රුක්ෂි ග්‍රේරු )
වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (19) මේ බව සඳහන් කළේය.
ඒ අනුව , ආගාමික හා විගාමික පනත. ( දැනට ක්‍රියාත්මකව පවතින1948 අංක 20 දරණ පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම),
2006 අංක 12 දරණ මුද්දර ගාස්තු ( විශේෂ විධිවිදාන) පවක 2011 අංක 13 දරණ පළාත් සභා ( මුද්දර ගාස්තු මාරු කිරීමේ ) පනත.
2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත.
1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනත.
දණ්ඩනිතී සංග්‍රහයේ 53 වැනි වගන්තිය. (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට අදාළ විධිවිධාන ) යන පනත් සංශෝධනයට මෙසේ අවසරය ලැබී තිබේ.
මෙම පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු යෝජනා , නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව එය සැළකිල්ලට ගිනිමින් එම පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍යමණ්ඩලය මෙසේ අවසර ලබා දී තිබේ.

