පදියතලාවෙන් පැහැරගත් මෝටර් රිය කරාඬුගලින් අල්ලයි


(නයනජීව බණ්ඩාර)

අම්පාර පදියතලාව ප්‍රදේශයෙන් මෝටර් රථයක් පැහැරගෙන, බිබිල කරාඩුගල ප්‍රදේශයට රැගෙන එන බවට, ලද තොරතුරක් මත, මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී, එම මෝටර් රථය සමග සැකකරුවන් දෙදනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත්බව කරාඩුගල පොලිසිය පවසයි.

පදියතලාව පොලිසිය මගින්, මොණරාගල කොට්ඨාස මෙහෙයුම් මැදිරියට ලබාදුන් තොරතුරකට අනුව, කරාඩුගල පොලිසිය ඊයේ(8) මෙම වැටලීම සිදුකර තිබුණි

මෙම වැටලීමේදි අත්අඩංගුවට පත් සැකකරුවන්,අම්පාර කැටගොඩ හා මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සැකකාරිනිය දොඩම්ගස් ලන්ද,ගිණිහිරිය ප්‍රදේශයේ බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදනා හා සැකකාරිය,සමඟ පැහැරගෙන ආ බව කියන මෝටර් රථය, පදියතලාව පොලිසියට භාරදිමට නියමිතය.