
(සුජිත් හේවාජුලිගේ)
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සහ රටේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය එන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම ප්‍රකාශය කෙරෙනු ඇත.
මේ අතර පාතාල ක්‍රියාකාරකම් සහ තැන තැන සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් එන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
රට පුරා තැන තැන සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

