ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන් විහාරය අසල ස්ථාපිත කැරිණි. ශ්‍රී පාද පද්මය පිහිටියේ එතැන සිට කිලෝමීටර හතරක් ඈතිනි. තඹවලින් මේ ඝණ්ඨාරය නිර්මාණය කිරීමට රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වැය විය. බෙන්ගමුවේ ධම්මදින්න ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද සීනුව පිහිටැවීමෙන් අනතුරුව ඇමෙරිකා දානපතිනිය එය මුල්වරට නාද කළාය.
සීනුවේ නාදය කිලෝමීටර 18ක් දුරට ඇසේ. බර කිලෝ 2500කි. උස අඩි හයකි. විශ්කම්භය අඩි පහකි.