පත්තර දැවැන්තයෙක් සමු ගනියි


දිනමිණ පත්‍රයේ හිටපු කර්තෘවරයකු හා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂවරයකු හා ප්‍රවීන මාධ්‍යවේදියකු වූ ජී ඇස් පෙරේරා (85) මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයකු වූ පෙරේරා මහතා වසර 40ක් පමණ දිණමින පත්‍රයේ සේවය කළේය.

දිනමිණ පත්‍රයේ උපදේශක කර්තෘවරයෙක් ද විය.

ලේක් හවුස් වාර්ෂික ප්‍රකාශක උපදේශක කර්තෘවරයකු ද වූ ජී ඇස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත පෙරමුණේතිලක, සිරිවර්ධන, සුබසිංහ හා ජී ඒ සිරිවර්ධන වැනි මාධ්‍යවේදීන්ගේ සමකාලීනයෙන් විය.

1929 මැයි 15 වැනි දා කොළඹ නාරාහේන්පිට දී උපන් ජී ඇස් කොළඹ විශාඛා හා වෙස්ලි විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය හදාරා 1953 පේරාදෙණිය සරසවියට ඇතුළු විය.

දිනමිණට පැමිණීමට පෙර බෞද්ධ ලෝකය හා බුඩිස්ට් වර්ල්ඩ් ඉංග්‍රීසි පුවත්පතට සම්බන්ධ වී සිටියේය.

1957 අගෝස්තු මාසයේ උප කර්තෘවරයකු ලෙස දිණමිනට එක් විය.

විශේෂාංග හා ප්‍රවෘත්ති අංශයන්හි කටයුතු කළ ජී ඇස් පෙරේරා මහතා සිහල ඉංග්‍රීසි දෙබසින්ම වැඩ කිරීමේ හැකියාව ලබා සිටියේය.

ඔහු පාර්ලිමේන්තු වර්තාකරුවෙක් ද විය. 1974 මැයි මාසයේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ පදවිය ද 1976 දී නියෝජ්‍ය කර්තෘ පදවිය ද දැරූ ඔහු 1982 සැප්තැම්බර දිනමිණ කර්තෘවරයා විය.

දිණමින පත්‍රයේ අලෙවිය ඉහළම මට්ටමට රැගෙන ඒමේ ගෞරවය  අභාවප්‍රාප්ත කර්තෘ ධර්මපාල වෙත්තසිංහ හා ඔහුට ද හිමිවේ.

දස වැනි පාර්ලිමේන්තු පුස්තකයේ සම කර්තෘවරයා ද වූ පෙරේරා මහතා දිනමිණ පත්‍රයේ ප්‍රධාන උප කර්තෘ පදවිය ද හෙබවීය.

සඳුදා (16) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.