පතහවත්තෙ නිධන් ගන්න උමගක් කපලා


රයිගම පතහවත්ත පුරාණ පොකුණ අසල පුෂ්පකරාරාමයට උමගක් කැපූ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිධන් හෑරීමේදී සිදුකරන පුද පූජා සඳහා වන මල්, දුම්මල ආදී පූජා භාණ්ඩ මෙන්ම නිධන් හෑරීමට ගන්නා උපකරණද එහිදී සොයාගෙන ඇත. අඩි කිහිපයක් දුරට කපා තිබූ උමගේ මිනිහකුට හිටගෙන යාහැකි බවත් එය වැසිකිළි වලක් බවත් සැකකරු කියා ඇතැයි පොලිසිය පවසයි. ඉස්සර කාලයේ බණ්ඩාරගම උයන්වත්ත වැවේ සිටි ආඳකු උමගකින් පතහවත්ත පුරාණ පොකුණට ගිය බව ජනප්‍රවාදයේ එන කථාවකි.