නීති විරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වන විට නීති විරෝධී ආකාරයෙන් වැලි හා ඛනිජ කැණීම් මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතින බවත් ඒවා පාලනය කිරීමට කාර්යාංශයේ නිලධාරීන්ට තනිව කටයුතු කිරීම අසීරු බැවින් පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් මෙම ඒකකය ආරම්භ කළ බව එම කාර්යාංශයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ඍජු අධීක්‍ෂණය යටතේ ආරම්භ කර ඇති මෙම ඒකකය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක බවත්, අනවසර හා නීතිවිරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම්, පස් කැපීම් ආදී සිදුවීම් වේ නම් ඒ සම්බන්ධ පැමිණිලි 0112862862 දුරකථන අංකයෙන් මෙම ඒකකය වෙත හෝ තමාගේ ජංගම දුරකථන අංකය වන 0773305157 වෙත ලබාදිය හැකි බවත් සභාපතිවරයා කීය.