පණු අඹ හා පුස් දිවුල් යුෂ කම්හලකට දඩ


අලව්ව මහරච්චිමුල්ලේ  කම්හලකින් පණූවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල් යුෂ නිශ්පාදනය කළ බව කියන මිලාන් ෆුඩ් සප්ලයර්ස් කළමණාකාරිණි නිලුකා සංජීවනීට රුපියල් දොළොස්දහසක දඩ නියම කළ පොල්ගහවෙළ මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා බලපත්‍ර රහිතව කැර ගෙන ගිය කම්හල වසා දමන ලෙසද නියෝග කළේය.

පණුවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල්වලින් නිපද වු කිලෝ තිහක යුෂ ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සේවකයන් 65 දෙනකු මෙහි සේවය කළ බවත් උසාවියේදී කියැවිණි.