අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද සිදුකිරීමට නියමිතය.
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා දින 7ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ නගර සීමාවේ සියලූ සුරාසැල්, මාංශ අලෙවිසැල් සහ සිනමා ශාලා අද වසා තැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියයි
පණ්ඩිත් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම බොහෝ පිරිස් එම ස්ථානයට පැමිණි අතර අවමංගල්‍ය උත්සවය සඳහා ද විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත.
අභාවප්‍රාප්ත ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව ලබා දී ඇත
හෙළයේ මහා ගාන්ධර්වයන් ගැන කලාකරුවන් කී කතා
ජනපති අමරදේවයන්ගේ දේහය බාර ගනීයි
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට