රනින් නිමවන ලද ගාංචුවක් යෙදු කලිසමක් ඇදගෙන රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වල බර ග්‍රෑම් 289 ක් වන අතර එහි වටිනාකම රුපියල් දාහතර ලක්ෂ හතලිස් පන්දාස් දෙසීයකි.
සැකකරු කොළඹ ගුණසිංහපුර පදිංචි 33 හැවිරිදි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, එස්.පී කරුණාරත්න, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, පී.එච්.යු.අයි විෙජ්පාල, සහකාර රේගු අධිකාරීවරුන් වන චතුර අබේසිරිවර්ධන, මහේෂ් මධුෂංක, මංජුල ප්‍රසාද්, අසංක ප්‍රියදර්ශන, නුවන් ජයසුන්දර සහ ධම්මිකා ප්‍රියදර්ශනී යන නිළධාරීහු සිදු කරති.

