පූර්ණිකා - පේෂලගේ ගැන විවිධ කටකතා වගයක් පහුගිය කාලේ පැතිරුනා කියලා කවුරුත් දන්නවානේ. ඉතිං ඒ ගැන ගායන් වික්‍රමතිලකත් විවිධ දේවල් කිව්ව කියලා තමයි කියන්නේ. මේ ඔහුගෙන් ඒ ගැන විමසුවාම කිව්ව දේවල්.
අන්තර්ජාලය ඔස්සේ ඔබ පූර්ණිකාගේත් සහන්ගේත් විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා. මේ කතා ඇත්තද?
ඔය වගේ දේවල් පෞද්ගලිකව සිදුවණ දේවල්. ඕනෑම පවුල් ජීවිතයක මේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි ඔය කිසිම වෙබ් සයිට් එකකට මේ ගැන කියලා නෑ. ඔය කියන පුද්ගලයා තමයි මුලින්ම මේ දේවල් කියලා තියෙන්නේ.
ගයාන්.... ඔබ එක තැනක සඳහන් කරලා තිබුණා සහන් දරුවව ඉල්ලනවා... පූර්ණිකාගේ ජීප් එක අරගෙන ගියා කියලත්. ඒක ඔබ කියපු කතාවක් නෙමෙයිද?
ඒක ඒ අය පළකරපු දෙයක්. ඔය මනුස්සයා පදින වාහනෙත් නංගිගේ වාහනයක්. ගෙයත් පූර්ණිකාගේ. ඔය දේවල් සමසේ බෙදාගමු කියලා තමයි ඔය මනුස්සයා කියන්නේ. පහුගිය කාලයේ මාත් එක්ක මතභේද හදාගත්ත පුද්ගලයෝ ඉන්නවනේ. ඒ පුද්ගලයින්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මේ කියන පුද්ගලයාත් අර පාරෙන් යන්න උත්සාහ කරනවා. ඔය ඔක්කොම එකට එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ. මේකෙන් මට නම් කිසිම හානියක් වෙන්නේ නෑ. මම සමාජය ඉස්සරහදී වුණත් හරි විවෘතව කතා කරන කෙනෙක්. මම කොහෙත්ම හංගගෙන කතාකරන කෙනෙක් නෙමේ.
ගයාන් ඔබ කියලා තිබුණා සහන් කියන්නේ පිරිමින්ට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් කියලත්...?
තවත් කෙනෙකුට මඩ ගහන්න මම අවංකවම කැමති නෑ. එහෙම මඩ ගහන්න... එයාලගේ තියෙන දුර්වලකම් එහෙම කියන්න මම කොහෙත්ම කැමති නෑ. නමුත් ඔය කියන පුද්ගලයා පූර්ණිකා එපාර්ට්මන්ට් එකක හිටපු කතාවක් කියලා තිබුණා. ඇත්තම කතන්දරේ ඒකට තමයි මට ඔය කතන්දරේ කියන්න සිද්ධ වුණේ. ඒකේ ඇත්ත නැත්ත දන්නෝ දනිති.
ඔය කතාවට පේෂල මනෝජ්වත් සම්බන්ධ කරලා තිබුණා නේද...?
ඔව්.... පූර්ණිකා පේෂල කියන පුද්ගලයා එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලනේ. ඔය ප්‍රශ්නය ඇදලා තියෙන්නේ. නමුත් මම දැනුම්වත්ව එහෙම කිසිම සම්බන්ධයක් නෑ. ඒක තමයි මම ඒ ගැන විවෘතව කතා කළේ. හැබැයි එහෙම සම්බන්ධයක් ඇතිවුණත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඕනෑම ගැහැනියෙක්ට අභිමානයක් කියලා දෙයක් තියෙනවා. නමුත් අද මේ වෙද්දී කීප දෙනෙක් එකතුවෙලා අනවශ්‍ය දේවල් කියනවා. Face book එකෙන් අනවශ්‍ය කතා කියනවා.
ඔය සමාජ වෙබ් ජාලයේ එක එක්කෙනා කියලා තියෙන කතා ගැන මොකද හිතෙන්නේ?
කළු සුද්දා, සුදු මල්ලී, සෝමා අක්කා, ගොබිලියා, චූටි මල්ලි වගේ නම්වලින් ඉන්න අය තමයි ඕවට Comment දාලා තියෙන්නේ. මම Face book එකෙන් Comment එකක් දානවානම් දාන්නේ මගේ නමින්. ඉතින්.... ඔය වගේ අන්වර්ථ නාමයෙන් ඕවා දාන්නේ කොන්ද පණ නැති අය.
ගයාන් හා පූර්ණිකා සම්බන්ධයෙනුත් කතා කියලා තිබ්බා....?
ඔව්... ඉතින් බලන්නකෝ... අයියා කෙනෙක්ට නංගි කෙනෙක් වෙනුවෙන් කතා කරන්න බැරි සමාජයක්නේ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මායි චතුරිකාත් අතරත් ප්‍රශ්න ඇතිවුණා කියලා සමහරැ කිව්වා. එහෙම කිසිම ගැටලුවක් ඇතිවුණේ නෑ. මම මේ ප්‍රශ්න හැම එකකටම මැදිහත් වෙන්නේ පූර්ණිකා නිසා නෙමෙයි චතුරිකා නිසාමයි.
Text – Dishani Jayamali Karunarathna / Pic – FB


