ඩී.ජී.සුගතපාල
සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ ප්‍රදේශවලට ගොස් පච්ච කොටා මුදල් උපයා ගැනිමේ යෙදි සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් රුසියානු ජාතිකයෙකු 23 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණවෙල මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ ඇන්ඩ්‍රි පවුලෝවිච් අම්ෂානිකෝව් නමැති රුසියානු ජාතිකයෙකි.
සැකකරු ගාල්ල කනම්පිටිය ස්ථානයක නතරව සිට මුදල් අයකරමින් පච්ච කොටන බවට ලැබුන තොරතුරක් අනුව එම ස්ථානය වටලා පච්ච කෙටීම සඳහා යොදාගත් උපකරණද සමග අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේද සැකකරු තරුණයෙකුගේ ඇඟේ පච්ච කොටමින් සිට ඇති අතර තරුණයා පවසා ඇත්තේ පච්ච කෙටිම සඳහා රුපියල් පහළොස් දහසක් අයකරන බවයි.

