අල්ලස් හා දුෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්ම ලබන දෙසැම්බර් 09 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අල්ලස් හා දුෂණ කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය යෙදෙන දෙසැම්බර නව වැනිදා දූෂණ විරෝධී සිවිල් සංවිධාන ද සමග පාගමනක් සංවිධානය කර ඇතැයි ද ඇය පැවසුවාය.
අධ්‍යක්ෂජනරාල්වරිය එසේ පැවසුවේ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ ද සහභාගිත්නයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ය.
අල්ලස් කොමිසමට පැමිණිලි 4000ක් පමණ ලැබී ඇති බවත්, නිලධාරීන්ගේ හිඟය මැද්දේ ඒ සියල්ල විමර්ශනය කරගෙන යන බවත්, නිලධාරීන් අටසියයක් පමණ අවශ්‍ය වුවත් සිටින්නේ එකසිය ගණනක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
අල්ලස් ගන්නා පුද්ගලයන් ඇල්ලීම දිගටම කරගෙන යන ගමන් අල්ලස් ගැනීම වැළැක්වීමට විශේෂ නිවාරන වැඩසටහනක් පවත්වන බව අල්ලස් කොමිසමේ නව කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා කීවේය.
පසුගිය ආණ්ඩු කාලයේ අල්ලස් කොමිසමට කොතෙක් පැමිණිලි කළත් විමර්ශන සිදු නොවූ බවත්, කොමිසම සිවිල් සංවිධාන සමග ගනුදෙනු කරන්නේ පළමු වැනි වතාවට බවත් සිවිල් සංවිධාන නියෝජිතයෝ කීහ.
මෙම මාධ්‍ය සාකච්ඡාවට අල්ලස් කොමිසමේ නිලධාරීහු ද, ට්‍රාන්පේරන්සි ආයතනයේ ශාන් විජේතුංග, කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්, සිවිල් සංවිධාන එකමුතුවේ සමන් රත්නප්‍රිය, බස්හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න, විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ රුවන් ගාල්ලගේ ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.




