පකිස්ථාන හිටපු ජනපති අත්අඩංගුවේ


පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ඝාතනයට සැකපිට පකිස්ථාන හිටපු ජනපති ජනරාල් පර්වේස් මුෂාරෆ් එරට ෆෙඩරල් පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ඔහුගේම ගොවිපොළේ රඳවාගෙන සිටින අතර සිකුරාදා (24) රාවල්පින්ඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවල්පින්ඩි නගරයේදී බෙනාසීර් භූතෝ ඝාතනය කැරුණේ ඡන්ද රැළියක් අතරතුරේදීය.

වසර ගණනක් පිටුවහල් වී සිටි මුෂාරෆ් ගිය වසරේ පාකිස්ථානයට පැමිණියේ 2013 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහාය.

ඔහු තෝරා ගත් ආසන හතරම එරට මැතිවරණ කොමිසම ඔහුට අහිමි කළේය.

ඔහු බලයේ සිටියදී පාකිස්ථාන අගවිනිසුරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ සිට බෙනාසීර් බූතෝගේ ඝාතනය දක්වා නොනිමි චෝදනා ලැයිස්තුවක් ඔහු පසුපස හඹා ආවේය.