කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට සහන සැලසීම සඳහා පකිස්තාන රජයෙන් ප්‍රධානය කළ ඛෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ තොගයක් රැගත් පකිස්තාන් ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය අද සවස කටුනායක ගුවන් හමුදා යාත්‍රාංගනයෙන් දිවයිනට පැමිණියේය.
නාය යාමෙන් විපතට පත් වුවන්ට ඛෙදා දීමට සඳහා ගුවනින් ගෙන ආ ප්‍රථම විදේශ ආදාර තොගය මෙය වෙයි.
කිලෝවට් 5 දාරිතාවයෙන් යුතු ජෙනරේටර් 10 යක්, විශාල ප්‍රමාණයේ ටෙන්ට් රෙදි 150 ක් සහ කිලෝග්‍රෑම් 700 ක් බර ඛෙහෙත් ද්‍රව්‍ය එහි විය.
දිවයිනට ගෙන එනු ලැබු එම භාණ්ඩ තොගය ගුවන් හමුදා යාත්‍රාංගනයේදී ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කිව්රෙස්සි මහතා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරලා් මහින්ද අඹන්පොළ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සහ මාල දිවයින් ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් ඛාන් මහතා ඇතුළු පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිළධාරීහු රැසක් සහභාගී වුහ.




















