කම්බි රෝල් අස්සේ හෙරොයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන පාකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොහොමඩ් අක්‍රම්, එම් ඒ මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් මහරුෆ් ඔවුහුය.
පාකිස්තානයේ සිට හෙරොයින් ග්‍රෑම් 300ක් රැගෙන ආ බවට ඔවුහු චෝදනා ලබා සිටිති.

