පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් පර්වේස් කයානි තුන් දින නිල චාරිකාවක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණියේය.
කටුනායක ගුවන් තොටේ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය ජනරාල් කයානි පිළිගත්තේය.
ජනරාල් කයානි හමුදා ප්‍රධානීන් මුණ ගැසෙන අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී වෘත්තීය වශයෙක් වැදගත් කරුණු සාකච්ඡා කිරිමට නියමතය.
දියතලාව හමුදා ඇකඩමියේ සිකුරාදා (28) පැවැත්වෙන විසිරයාමේ පෙළපාළියේ විශේෂ ආරාධිතයා ද ඔහුය.