ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත් බව කියන උපාධි සහතිකයක් සහතික කර ගැනීම සඳහා විදේශ අමාත්‍යංශයේ කොංසියුලර් අංශයට ඉදිරිපත් කළ පකිස්තාන සිසුවකු ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කළ බව අධිකරණයේ දී පිළිගත්තේය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇත්තේ එවැනි සහතික නිකුත් නොකරන බවයි.
රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හළ කරච්චියේ මොහොමඩ් නවීන් රටින් පිටවීම වලක්වන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකට නියෝග කළේය.

