පකිස්තානයේ බචා ඛාන් සරසවියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම වාර්තා කියයි.
තුවක්කු රැගෙන සරසවියට ඇතුළුවූ තිදෙනකු වෙඩි තබා ඇතැයිද පකිස්තාන හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තුවක්කුකරුවන් දෙදෙනකු මරා දමා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති සායිඩ් වසීර් කියයි.
ත්‍රස්තවාදීන් 8 -10 ක් අතර පිරිසක් විශ්ව විද්‍යාලය තුළ රැඳී සිටින බවද ඔහු පවසයි. තුවාලකරුවන් රැගෙන යාම සඳහා ගිලන්රථ 20ක් පමණ විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවී ඇතැයිද සරසවි සිසුන් 70%ක් පමණ ආරක්ෂිත බවත් එහි ආරංචි සඳහන් කරයි.
ස්වේච්ඡා සංවිධාන නියෝජිතයකු ප්‍රකාශ කර ඇත්තේ තමා සිරුරු 15ක් පමණ දුටු බවයි. අඩු ගණනේ 50ත් 60ත් අතර පිරිසක් තුවාල ලබන්නට ඇතැයි ඉන්දියාවේ පීටීඅයි පුවත් සේවය පවසයි. ඒ අතර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුද වෙතියි කියති.
මරා දැමූ අය අතර රසායන විද්‍යා මහාචාර්ය හමීඩ් හා ශිෂ්‍යයකු ද වන බව ඒ.පී. පුවත් සේවය කියයි. හමුදාව ආරක්ෂක මෙහෙයුම් සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළුවූ බවත් සිසුන් සියලු දෙනා සරසවි භූමියෙන් ඉවත් කළ බවත් වාර්තාවේ.




