පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම මහ කොමසාරිස් නිවසේ


ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් සෛයධි සකිල් හිසෛන් පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවට පැමිණීම නිමිත්තෙන් ඔවුන් පිළිගැනීමේ දිවා භෝජන සංග්‍රහයක් සිය නිල නිවසේදි පැවැත්වීය.

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ විස්සයි 20 තරග තුනක් ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ ජාතියක් ලෙස ශ්‍රී ලාංකික ජනතාව හඳුනාගෙන ඇති බව පාකිස්තානයේ මහ කොමසාරිස්  සඳහන් කළ අතර ඔවුන්ගේ කාර්ය සාධනය සඳහා සංචාරක කණ්ඩායමට සිය  සුබ පැතුම් පළ කළේය.

Mr-&-Mrs-Daud-with-Pak-Team Mrs-HE-Shakeel-Hussain-and-Pakistani-women-with-the-visiting-Pakistan-A-women-cricket-team Mrs-Shakeel-Hussain(3rd-R)-with-Captain,-Manager-and-guests Mrs-Shakeel-with-Captain-Pak-Team web_pakistan_2015112438 web_pakistan_20151124382