පකිස්තාන ක්‍රිකට් පිල ශ්‍රීලංකාවට


(ටී.කේ.ජී.කපිල )

 පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා  අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

 පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ සිටියහ .

ඔවුන් අද (09 )  උදෑසන 09.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී.ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .

(