දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු පිරිසක් විසින් අද (5) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ කොටුව ජනපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලැබීය.
යුද හමුදා පෙළපාළියක්, අශ්වාරෝහක පෙරගමන් රථ, දේශීය නර්ථන ශිල්පීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය සංවිධානය කැර තිබිණි. එහිදී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර විශේෂ අවබෝධතා ගිවිසුම් 8 ක් අත්සන් තැබිණි.
අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැති හා පකිස්තාන අගමැති අතර හමුවක් අරලිය ගහ මන්දිරයේදී ද පැවැත්විණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ශාන්ත රත්නායක








