ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පකිස්තාන අගමැති මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
දෙදිනක් දිවයිනේ රැදී සිටින නවාස් ෂරීෆ් මහතා ලබන 05 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිතය. එහිදී පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික,වෙළඳ හා සංස්කෘතික කරුණු ගැන දෙරටේ රාජ්‍ය නායකයින් කරුණු සාකච්ඡා කරනු ඇත.
පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් සිදු කරන පකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී දෙරට අතර ගිවිසුම් දහයකට අත්සන් තැබීමට නියමිත බව ද වාර්තාවේ.
නව වසරේ දී ලෝක නායකයින් හා දේශපාලනඥයින් රැසක් නිල සංචාරයන් සඳහා එළැඹෙන ජනවාරි මාසයේදි දිවයිනට පැමිණෙන අතර එම මාසයේදී නවසීලන්ත අගමැති ජෝන් කී, බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, නෝර්වේ විදේශ අමාත්‍ය බෝර්ජි බ්‍රෙන්ඩේ යන මහත්ම මහත්මීන් වෙති.

