පක්ෂ හතක් රනිල් සමග ගිවිසුමක්


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පොදු එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කොළඹ මහා නගර සභා, නව නගර ශාලාවේදී  නව සමසමාජ පක්ෂය නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ සොයිසා, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, මුස්ලිම්, දෙමළ ජාතික සන්ධානයේ නායක අසාත්සාලි හා නිදහස් වේදිකාවවෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්වරු මෙම පෙදු එකඟතාවට අත්සන් තැබූහ. ප්‍රජාත්නත්‍රවාදය හා මූලික අයිතිය තහවුරු කරීම, නීතියේ සමානාත්මතාවය, හා මූලික අයිතිවාසිකම් රැක ගැනීම, දූෂණය වංචාව සහ අක්‍රමිකතාවය පිටු දැකීම, ඇතුළු ප්‍රධාන කරුණු හතක් යටතේ මෙම අවබෝධතාව අත්සන් කැරිණි.