පක්ෂ නායකයෝ හෙට රැස්වෙති


(තිළිණි ද සිල්වා)

පාර්ලිමේන්තුවේ  ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා හෙට (29) දහවල් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව  රැස් වී කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය

කොරෝනා වසංගතයේ යම් ප්‍රමාණයක ව්‍යප්තියක් ඇති බව සත්‍ය නමුත් ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

මෙම රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට යනෙන අයෙකුට කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මේ වනවිට පාර්ලිමේන්තුව දින දෙකක් වසා දමා සම්පූර්ණ විෂබීජ හරණයට ලක් කර ඇත.