පක්ෂ දෙකම හොරුන් රකිනවා


ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ රටතුළ සංවාදයක් ඇති කිරීමෙන් ආර්ථික, සමාජීය හා දේශපාලන ගැටළු අමතක කැරවීමේ උත්සාහයක් ඇති බව පෙනෙතියි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වංචා හා දූෂණ චෝදනා ඇති මන්ත‍්‍රීවරුන්වත් සම්බන්ධ කරගනිමින් හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටින නිසා බලය රැක ගැනීම වෙනුවෙන් අපරාධකරුවන් රැක ගැනීමේ උත්සාහයක නිරතවීමට එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

චෝදනා පත‍්‍ර දිය යුත්තන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇමැති තනතුරු ලබා දී ඇතැයි කී ටිල්වින් සිල්වා මහතා පසුගිය කාලයේ දූෂණ වංචා කළවුනට එරෙහිව වහා ක‍්‍රියාමාර්ග නොගතහොත් ඊට එරෙහිව විරෝධතා අරඹන බව ද කියා සිටියේය.

රාජපක්‍ෂ රජය බලය යොදාගෙන අපරාධකරුවන් ආරක්‍ෂා කළ බව කී ටිල්වින් සිල්වා මහතා වත්මන් රජය බලය වෙනුවෙන් අපරාධකරුවන් ආරක්‍ෂා කරමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.

jvp_20161187