‘‘ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හැම දේශපාලන පක්ෂයක්ම කැඩුවා ,එක්සත් ජාතික පක්ෂයත් කඩන්න උත්සහ ගත්තා. මේ විදියට යන මහින්ද රාජපක්ෂ මහත්තයගේ දේශපාලනය ඡනතාව ප්‍රතික්ෂේප කර අන්තිමට නවතින්නේ කුණුබක්කියේ‘‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා කඩුගන්නාව ඩෝසන් කුළුන අසලදී කිවේය.
ඔහු මුස්ලිම් කොන්ග්‍රසය,හෙළ උරුමය කඩන්න බොහෝ උත්සාහ ගත්ත සමහර උත්සාහ සාර්ථක වුනා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමට අද ඒ කරුමයට මුහුණ දිලා. අන්තිමට ජනතාව ප්‍රතික්ෂේප කලා.
මේ ළගදි විමල් විරවංස මහත්තයගේ ගෙදර ලමයෙක් කරදරයක් වී ජිවිතයක් අහිමි වුණා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවක් තිබිලා එක්සත් ජාතික පක්ෂේ ප්‍රාදේශිය සභා පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ හෝ ගෙදරක මෙහෙම ප්‍රශ්නයක් වුනානම් අද ඒ මන්ත්‍රිවරයට මොන වගේ තාඩන පීඩනයකට මුහුණ දෙන්න වෙයිද? මේ රට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය තුමත් නීතියට ඇඟිලි ගහන්නේ නෑ.