පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන හමුව 20 වැනිදා


(අංජුල මහික වීරරත්න)

පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කතානායකවරයා විසින් පත්කරන ලද පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ මීළඟ රැස්වීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 03 හි දී පැවැත්වීමට නියමිතය. 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇත. 


මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වෙනිදා අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහිදී කමිටුවේ නිර්දේශ කඩිනමින් ලබාදී කමිටු වාර්තාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.


පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සහ යෝජනා ලබාගැනීමට ද මෙහිදී තීරණය විය. 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ඒ. එස්. එම් නවුෆර්, ආර්. එම්. එල්. රත්නායක සහ පෙරියසාමි මුතුලිංගම් යන මහත්වරු කටයුතු කරති.